ගම සමඟ පිළිසදර වැඩපිළිවෙළෙහි සිවූවැන්න කැබිතිගොල්ලෑව, කණුගහවැව ගම්මානයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පැවැත් විණි. එහිදී ජනාධිපතිවරයා ගමේ පන්සලේ විහාරාධිපති හිමියන් බැහැ දකින්නට පැමිණි අතර පාසල් දරුවන් සමඟ පිළිසඳරක යෙදෙමින් ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දුන්නේය.