ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අබලන් බස් රථ 273ක් අලුත්වැඩියා කර නැවත මඟී ප්‍රවාහන පද්ධතියට එක් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලුමුවදොර පිටියේදී ඊයේ (31) සිදු කෙරිණි. අබලන් වීම හේතුවෙන් ධාවනයෙන් ඉවත් කර තිබූ මේ බස් රථ දිවයින පුරා ග්‍රාමීය මාර්ගවල මගී ප්‍රවාහන අවශ්‍යතා සඳහා යොදා ගැනීමට නියමිතය. දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතාගේ අදහසක් අනුව ප්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේ මහතාගේ උපදේශකත්වයෙන් මෙය ක්‍රියාවට නැංවිනි. ඩිපෝ 107කට අයත් වන මේ බස් රථ 273 අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන 115ක් වැය කර තිබේ.