ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70 ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 20 නව සමරු කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ (31) පෙරවරුවේ පිළිගැන්වීය.

පැති 7ක් සහිත හැඩයකින් යුතුව ඇලුමීනියම් සහ ලෝකඩවලින් කාසිය නිමවා තිබේ. කාසි 3,000ක සීමිත නිකුතුවක් වන මෙය සංසරණය සඳහා භාවිත නොකෙරේ. මහ බැංකු මූලස්ථානය සහ දිස්ත්‍රික් ශාඛා රුපියල් 1300ක මුදලකට කාසිය අළෙවි කිරීමට නියමිතය. ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහත සහ මහ බැංකුවේ නිලධාරීහූ මේ අවස්ථාවට එක්ව සිටියහ.