පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමේදී රජය ඒකපාර්ශ්වික ලෙස කටයුතු නොකර මාධ්‍ය ක්ෂේත්‍රයද සම්බන්ධ කර ගනිමින් පුළුල් සංවාදයක් සහිතව කටයුතු කරන බව ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) පැවසීය.

පුවත්පත් මණ්ඩල පනත ගෙන ආවේ 1973 දී වන අතර එදා සිට මේ දක්වා මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ විශාල වෙනස්කම් සිදුව ඇති බවද ඇමැතිවරයා කීවේය.

එබැවින් පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කළ යුතු අතර එහිදී මාධ්‍ය ක්ෂේත්‍රයද සම්බන්ධ කර ගනිමින් විනිවිද ලෙස කටයුතු කරන බවද ඇමැතිවරයා පැවසීය. ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

 
 

ඕනෑම අයකුට ඕනෑම දෙයක් අශීලාචාර ලෙස ලිවීමට සහ ඊට එරෙහිව කරුණු ඉදිරිපත් කළ විට එය සිවිල් අධිකරණයට නියම කිරීමටත් සිවිල් උසාවිය ගන්නා කාලය මත ගනුදෙනු කිරීමේ හැකියාව නොමැති නිසා පුරවැසියාගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

එමෙන්ම ඊටීඅයි අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගත්තේ නීතිපතිවරයාගේ උපදෙස් අනුව බව කී ඇමැතිවරයා ඊට ආණ්ඩුවේ මැදිහත්වීමක් නැතැයිද පැවසුවේය.