අමෙරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපති ජෝ බයිඩන් මහතාට සහ උප ජනාධිපතිනී කමලා හැරිස් මහත්මියට සියලු ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් තමන් සුබපැතුම් එක් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ට්විටර් පණිවිඩයක් මගින් දැනුම් දී තිබේ.
 
දෙරට අතර පවතින සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීම සදහා එක්ව කටයුතු කිරීමට සූදානම් බව එහි වැඩිදුරටත් සදහන් ය.  
 
අගමැතිවරයාගේ ට්විටර් පණිවිඩය පහත සදහන්වේ,
 
On behalf of the #GoSL & people of #SriLanka, I congratulate President @JoeBiden & @VP @KamalaHarris on the assumption of office. I look forward to working together with you to further strengthen the relationship between both our nations. I wish you the very best for your tenure.