කිරිගොවීන් සඳහා අයවැයෙන් යෝජනා කළ ණය මුදල රුපියල් ලක්ෂ 10 දක්වා වැඩි කරන්නැයි මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ. අයවැය යෝජනා අනුව ක්‍රියාත්ක ව්‍යාපෘති සහ ජනතා සහන පිළිබඳව අවධානය යොමුකරමින් මුදල් අමාත්‍යාංශයේ අද පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදි අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කලේය.
ඒ අනුව ඉදිරි සතියේ සිට කිරිගොවීන්ට ඔවුන්ගේ යටිතල පහසුකම් සංවර්ධනය කරගැනිමට සියයට 4 ක පොලියට රුපියල් ලක්ෂ 10 දක්වා ණය ලබාගැනිමේ අවස්ථාව උදාවේ. අයවැය යෝජනා අනුව ක්‍රියාත්මක ණය සහන සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතා මෙම හමුවේදී පැහැදිලි කලේය.
රාජ්‍ය සේවකයන්ට ලබාදෙන නිවාස ණය ලබාගත් හා ලබාගන්නා ණය මුදල් සියයට 7 ක පොලී අනුපාතය යටතේ ක්‍රියාත්මක වෙයි. මෙම සහනය මත රාජ්‍ය සේවකයෙකුගේ වැටුප වැඩිවීම රුපියල් 2500 ත් 3000 ත් අතර වන බව එස් ආර් ආටිගල මහතා මෙහිදී පෙන්වා දුන්නේය. රාජ්‍ය සහ රාජ්‍ය නොවන සේවකයන්ට සිය නිවසේ සුර්යය පැනල සවි කිරීම සඳහා සියයට 4 ක පොලි අනුපාතයකට රුපියල් ලක්ෂ 8 ක් දක්වා ණය පිරිනැමේ.
මේ අතර මෙම කන්නයේ වී මිලදි ගැනිම සඳහා සුඑ හා මධ්‍ය පරිමාන වී මොල් හිමියන්ට ණය පහසුකම් ලබාදිය යුතු බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියා සිටී. ඊට අදාල කටයුතු කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාල නිලධාරින්ට උපදෙස් දී තිබේ