විද්‍යා හා තාක්ෂණ විද්‍යා ක්ෂේත්‍රයේ දකුණු – දකුණු සහයෝගීතාව ප්‍රවර්ධනයට අප්‍රිකානු, ආසියානු සහ යුරෝපා මහද්වීපික හා ලතින් ඇමරිකානු රටවල් පුරා විසිරුණු සාමාජික රටවල් 47 ක නියෝජනයෙන් පැවැත්වෙන විද්‍යාව හා තාක්ෂණය සඳහා වන නොබැඳි ජාතීන්ගේ හා සංවර්ධනය වෙමින් පවතින සෙසු රටවල 15 වැනි පාලක සභාව ඇමතීමට ලැබීම සැබවින්ම සතුටකි.
නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ විද්‍යා හා තාක්ෂණ මධ්‍යස්ථානය ස්ථාපනය කළ දා පටන් සාමාජික රටවල් රැසකට ප්‍රතිලාභ අත් වී ඇති බව මම විශ්වාස කරමි. මා දන්නා පරිදි මේ මධ්‍යස්ථානය සාමාජික රටවල් අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සහ විද්‍යාභිවර්ධනය සඳහා ජාතික හා කලාපීය විද්‍යා හා තාක්ෂණ මධ්‍යස්ථාන සමග සම්බන්ධතා ඇති කිරීම ඇතුළු විවිධ මැදිහත්වීම් තුලින් මේ දක්වා ප්‍රගතියක් අත් කර ගෙන ඇත.
දේශාන්ත විද්‍යා හා තාක්ෂණ ප්‍රජාවට අර්ථවත් දායකත්වයක් දෙමින් 1989 සිට මේ අන්තර් – ආණ්ඩු ආයතනික යාන්ත්‍රණය අඛණ්ඩව හා තිරසාරව මෙහෙයවීම පිළිබඳව ඉන්දියාවේ නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ විද්‍යා හා තාක්ෂණ මධ්‍යස්ථානයට සුභ පැතීමට මම මෙය අවස්ථාවක් කර ගතිමි.
විද්‍යාව හා තාක්ෂණය පාදක කරගත් සැලසුම්කරණය යනු ලෝකය ගොඩ නැංවීමට හා පරිවර්තනය කිරීමට භාවිත වූවකි. නිසැකවම තාක්ෂණය මේ ගතික ලෝකයේ උද්ගත වන්නා වූ බොහෝ අභියෝගයන්ට පිළිතුරු සපයයි. වර්තමාන කොවිඩ් – 19 වසංගතය හමුවේ ප්‍රමාණවත් සායනික අත්හදා බැලීම් සමග වාර්තාගත කාලයක් තුල විවිධ වර්ගයේ එන්නත් නිපදවීම මානව ජීවිතයෙහි විද්‍යාවට හා තාක්ෂණයට ඉටු කළ හැකි වැදගත් භූමිකාව පෙන්නුම් කිරීම සඳහා සැපයිය හැකි ජීවමාන උදාහරණයකි.
ඉහළ ප්‍රාග්ධන ආයෝජන අවශ්‍යතාව නිසා නව තාක්ෂණ ක්‍රම හඳුන්වා දීමේ දී අපි බරපතල අභියෝගයනට මුහුණ දෙන බව කවුරුත් දන්නා කරුණකි. ඒ හා සමානව, සංවර්ධනය වෙමින් පවතින රටවලට දැඩි තරගකාරීත්වයකට මුහුණ දීමට සිදුව ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, අපගේ නවෝත්පාදන ද සැලකිය යුතු ප්‍රගතියක් අත් කර ගැනීමට අසමත් වෙයි. එබැවින් ගෝලීය ආර්ථිකය තුල අපේ වෙළෙඳ පංගුව වැඩි කර ගැනීමට හැකි වන පරිදි සෑම අංශයකම නව තාක්ෂණ ක්‍රම හඳුන්වාදීම සඳහා අපේ රජය මගේ අධීක්ෂණය යටතේ වෙනම තාක්ෂණ අමාත්‍යාංශයක් පිහිටුවා ඇත.
මෙබඳු මධ්‍යස්ථානයක් තුලින් තාක්ෂණ දැනුම හුවමාරු කර ගැනීම නව තාක්ෂණ හඳුන්වාදීමේදී කළ යුතු ප්‍රාග්ධන ආයෝජනය අවම කිරීම සඳහා උපාය මාර්ගික ප්‍රවේශයක් වනු ඇත. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, කෘෂි කර්මාන්තය, වැවිලි හා ධීවර වැනි ප්‍රධාන ආර්ථික ක්ෂේත්‍රයන්හී විද්‍යාත්මක ප්‍රවේශයක් සහ තාක්ෂණික දියුණුව හඳුන්වා දීමට ශ්‍රී ලංකාව දැන් ක්‍රියා කරමින් සිටී. මේ ක්ෂේත්‍රවල අපේ යහභාවිත සෙසු සාමාජික රටවල් සමඟ සහයෝගයෙන් බෙදා හදා ගැනීමට අපි ඉතා කැමැත්තෙමු.
එසේ වුවද, තාක්ෂණය පදනම් කරගත් ආර්ථිකයක් සහිත රටක් බවට පත්වීමට නම්, ප්‍රාදේශීය මෙන්ම ස්වදේශීය තාක්ෂණය නවීන තාක්ෂණය සමඟ ඒකාබද්ධ වීම ඉතා වැදගත්ය. පරිසර හිතකාමී දේශීය සහ සාම්ප්‍රදායික තාක්ෂණය පිළිබඳව ආඩම්බරවිය හැකි ඉතිහාසයක් ශ්‍රී ලංකාව සතුව පවතී. වසංගත පරිසරයක ගැටළු නිරාකරණය ඇතුළු කේෂ්ත්‍ර කිහිපයක නව කාර්මික ප්‍රවේශයන් සහිත වැඩසටහන් හඳුන්වාදීම සාමාජික රටවල් අතර සහයෝගීතාව මට්ටම තවදුරටත් ඉහළ නංවනු ඇත.
COVID – 19 වසංගතය උද්ගත කළ අහිතකර බලපෑම් මඟහරවා ගැනීම සඳහා මේ වන විට මුළු ලෝකයම උපාය මාර්ග හා සැලසුම් සම්පාදනය කරමින් සිටී. ශ්‍රී ලංකාව ද ඉන් වෙනස් නොවේ. වාසනාවකට මෙන්, වසංගත රෝග පාලනය සඳහා ශ්‍රී ලංකාවට ශක්තිමත් සෞඛ්‍ය පද්ධතියක් ඇති අතර මෑතකාලීන වසංගත තත්වය විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන අංශයන්ට විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ක්ෂණික අවශ්‍යතා සපුරලාදීමේ දී පර්යේෂකයන්ට, විද්‍යාඥයින්ට සහ නව නිපැයුම්කරුවන්ට ඔවුන්ගේ විභවතාවන් විදහා දැක්වීමට වැඩි අවස්ථාවක් තිබෙන බව අපි නිරීක්ෂණය කළෙමු.
මෙම සන්දර්භය තුළ සාමාජික රටවල පොදු අවශ්‍යතා හඳුනාගැනීමට සහ සැමට ප්‍රයෝජනවත්වන සහයෝගී යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමට NAM S&T මධ්‍යස්ථානයට විශාල කාර්යභාරයක් ඉටුකළ හැකිය. සාමාජික රටවල වර්තමාන අවශ්‍යතාවන්ට අනුකූලව නව චින්තනයට ඉඩ සැලසීමට හැකි අයුරින් NAM S&T මධ්‍යස්ථානය සිය විෂයය පථය පුළුල් කළයුතු බව මම යෝජනා කරමි.
වසංගත තත්ත්වය නිසා විශේෂයෙන් දේශගුණික විපර්යාස පිළිබඳ අපගේ අවධානය වෙනස් වී ඇති හෙයින් වසංගත වාතාවරණය තුළ තිරසර සංවර්ධන අරමුණු කරා ළඟා වීමට අපට හැකි උපරිමයෙන් සහයෝගයෙන් කටයුතු කළ හැකි ආකාරය සලකා බැලීමට අවස්ථාව උදාකරගන්නා මෙන් සියලු නියෝජිතයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කිරීමට මම කැමැත්තෙමි.
අවසාන වශයෙන් NAM S&T මධ්‍යස්ථානය පිහිටුවනු ලැබූ අරමුණු අවබෝධ කර ගැනීම අපේ සාමූහික වගකීම වන අතර, මෙම අන්තර් රාජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම අපේ වගකීම බැවින් අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන සෑම අංශයකම සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බවට මම ඔබට සහතික වෙමි.
15 වන පාලක සභා හමුව සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි පතමි.