ඉන්දිය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීප් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං බාදවුරියා මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවෙයි. ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සර සැමරුම් උළෙලට සහභාගිවීම සදහා ශ්‍රි ලංකාවට පැමිණ සිටින ඉන්දිය ගුවන් හමුදා ප්‍රධානී බාදවුරියා මහතා සිය නිල සංචාරය අතරතුර අගමැතිතුමා හමු වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් කාර්යාලය පවසය. ආරක්ෂක අංශයෙන් ශ්‍රි ලංකාවට අඛන්ඩ සහයෝගය පළ කරන බව එම හමුවේදී ඉන්දිය ගුවන් හමුදා ප්‍රධානියා සදහන් කර ඇත. ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර දීර්ඝකාලින ආරක්ෂක සහයෝගිතාවක් පවති. එය ත්‍රස්තවාදයට එරෙහිවීම සමුද්‍රිය ආරක්ෂාව සහ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිවීම ඇතුඵ ක්ෂේත්‍ර ගණනාවක් පුරා විහිදිී තිබේ. ඉන්දිය ගුවන් හමුදාව මෙරට ගුවන් හමුදා නිලධාරින් පුහුණු කිරිම සදහා නිරතුරුව සහාය ලබාදෙයි. ආරක්ෂක ක්ෂේත්‍රයෙහිලා දෙරට අතර සහයෝගීතාව තවදුරටත් පුඵල් කළ හැකි බව ඉන්දිය ගුවන් හමුදා ප්‍රධානියා එහිදි පැවසිය.