ඊයේ(22) අලුයම අපවත්වී වඳාල ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක උත්තරීතර අග්ගමහාපණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ ආදාහන කටයුතු ජනාධිපතිතුමාගේ හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේද අග්‍රාමාත්‍ය කාර්යාලයේද උපදෙස් පරිදි පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව රාජ්‍ය අනුග්‍රහයෙන් 25 වන දින බ්‍රහස්පතින්දා ප.ව.4.00 ට කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදු කිරීමට නියමිත බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් ප්‍රියංකර යසරත්න මහතා පැවසීය .

ඒ මහතා එසේ පැවසුවේ අපවත්වී වදාළ අග්ගමහාපණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ ආදාහන කටයුතු පිළිබඳ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්ය. එහිදී ඒ මහතා මෙසේද පැවසීය.

 

25 වන දින ප.ව.1.30 දක්වා ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමය විහාරස්ථානයේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති අතර ප.ව.1.30ට ආදාහන පෙරහර පිටත්වී නිදහස් චතුරශ්‍රයේදී සියලු ආගමික වතාවත් සිදුකරමින් ප.ව.4.00 ට ආදාහන කටයුතු සිදු කිරීමට නියමිත බවත් ඒ මහතා පැවසීය.