ලෝවැසි සැමට සෙත්පතා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් වාර්ෂිකව පවත්වනු ලබන සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනය ජනමාධ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ හා අමාත්‍යාංශ ලේකම් ජගත් පී. විජේවීර මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා (24) රාත්‍රී 8.00 සිට 25 වැනි දින පහන්වනතුරු ජනමාධ්‍ය අමාත්‍යාංශ ඇසිදිසි මැඳුරේදී පැවැත්විණි. එදින මහා සංඝරත්නය වෙනුවෙන් පිරිනමන දානමය පුණ්‍යකර්මයෙන් පසුව පින්කමේ කටයුතු නිමාවිය.

සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනය කිරුළපන සිරි ඇලන් මැතිනියාරාමාධිපති යෝගීයානේ සෝභිත තිස්ස අමරපුර මූලවංශික නිකායේ අනුනායක ස්වාමීන් වහන්සේ සහ උඩුවේ ධම්මාලෝක නායක හිමියන් ප්‍රමුඛ මහාසංඝරත්නය විසින් සිදුකරන ලදී. සෞඛ්‍ය ආරක්ෂක උපදෙස්වලට අනුව ඇසිදිසි ක්‍රිකට් ක්‍රීඩා සමාජය හා කාර්ය මණ්ඩලය ඒකාබද්ධව මේ පින්කම සංවිධාන කෙරිණි.