රසායනික පොහොර හා කෘමිනාශක ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට අදාළ ජනාධිපතිතුමා ගෙනා යෝජනාවට කැබිනට් මණ්ඩලයට අනුමැතිය ලැබුණු බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.
රසායනික පොහොර කෘමිනාශක හා වල්නාශක භාවිතය එළඹෙන මහ කන්නයේ පටන් තහනම් කිරීමට කටයුතු සිදු කරන බවයි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ.
මේ අතර කාබනික පොහොර නිෂ්පාදකයින්ට හා ගොවීන්ට මූල්‍යාධාර ලබාදීම, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනම් කිරීම, කටුපොල් වගාකළ ඉඩම්වල රබර් සහ ජලපෝෂිත වගාවන් හදුන්වාදීම, වනඝනත්වය වැඩිකිරීමට රක්ෂිත වනාන්තරවල පදිංචිකරුවන් සුදුසු ස්ථානවල පදිංචි කිරීම යන යෝජනාවන්ට ද කැබිනට් අනුමැතිය ලැබී තිබුණා.