සමස්ත ලෝකයම එකම ව්‍යසනයක මෙන්ම එකම ඛේදවාචකයකට මුහුණ පා සිටින මොහොතක අන් කවරදාටත් වඩා මෙරට වැඩකරන ජනතාවගේ කැපවීම අතිශය ගෞරවාන්විතය.

වැඩ කරන ප්‍රගතිශීලී ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සැමදා පෙනී සිටි නායකයින් නියෝජනය කරන වත්මන් ආණ්ඩුව එම ගෞරවය මෙරට වැඩ වැඩ කරන ජනතාවට ලබා දෙනුයේ හෘදයාංගමව මෙන්ම උපරිමයෙනි.
වැඩකරන ජනතාව යනු ඉතිහාසයේ බොහෝ අභියෝගාත්මක අවස්ථාවන්හි එම අභියෝග රටටත් ජාතියටත් දිනා දීමට කැපකිරීම උපරිමයෙන් ලබා දුන් කණ්ඩායමකි.

එනිසා එම අභියෝග ඉදිරියේ ඔවුනට අනේක විදි දුක් පීඩාවනට ලක්වීමට සිදුවිය.
අතිගරු ජනාධිපතිතුමන් ගරු අග්‍රාමාත්‍යතුමන් ප්‍රමුඛ වත්මන් රජය කොවිඩ් ව්‍යසනය හමුවේ වුවද මෙරට වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් හැකි උපරිම දායකත්වය ලබා දී ඇත.
ලොව බලවත් යැයි කියන බොහෝ රටවල්හි වැඩ කරන ජනතාවට අද වන විට රැකියා අහිමි වී තිබේ. එමෙන්ම වැටුප් අහිමි වන තත්වයක,වැටුප් වෙනුවට වවුචර් හිමිවන තත්වයක මෙරට කිසිදු රාජ්‍ය සේවකයෙකුට රැකියා අහිමි නොවිණි.
වැටුප් මෙන්ම දීමනා ඔවුනට නිසි ලෙස හිමිවිය.
පවතින ව්‍යසනය හමුවේ ලොවටම ආදර්ශමත් ලෙස මෙරට රාජ්‍ය සේවාවත් වැඩ කරන ජනතාවත් ආරක්ෂා කරගනිමින් කටයුතු කරන වත්මන් රජය සමස්ත ලෝකයාටම යහපත් පණිවුඩයක් ලබාදී තිබේ.

විශේෂයෙන් පවතින තත්ත්වය මත මැයි දින පෙළපාලි ,මැයි දින රැළි සහ සැමරුම් නොපැවත්වුණද වැඩකරන ජනතාවගේ එකමුතුව ,ශක්තිය සහ විප්ලවීය ගුණය ඔවුනගේ සදාකාලික ජයග්‍රහණයයි.
ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරය නිසාවෙන් මෙන්ම කොවිඩ් ව්‍යසනය හේතුවෙන් මේ වන විට වසර තුනක් මැයි දිනය මෙරට ජනතාවට සැමරීමට නොහැකි වූ අතර එළ⁣ඹෙන වසරේදි සෞභාග්‍යමත් දේශයක එම සැමරුම නිසි ලෙස සැමරීමට හැකිවේවා!

කෙහෙලිය රඹුක්වැල්ල
ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක.