නීතිපති දෙපාර්තමේන්තුවේ නව කාර්යාල පරිශ්‍රය මගේ ප්‍රධානත්වයෙන් අද (30) පස්වරුවේ විවෘත කෙරිණි.

රුපියල් මිලියන 1480ක වියදමින් ඉදිකළ මහල් දොළහකින් යුත් මෙම ගොඩනැගිලි පරිශ්‍රය ශ්‍රවනාගාරයක්, ආපනශාලාවක්, රථගාලක් ඇතුළු නවීන පහසුකම්වලින් සමන්විත ය.

නව ගොඩනැගිලි පරිශ්‍රය විවෘත කරමින් සමරු ඵලකය නිරාවරණය කළ මම, අනතුරුව පැවැති සෙත් පිරිත් සජ්ඣායන ශ්‍රවණය කළෙමි.

මෙහි දී අනුශාසනාවක් පැවැත්වූ බෞද්ධාලෝක මාවතේ අතුල දස්සන විහාරාධිපති අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය බොරැල්ලේ අතුල හිමියෝ අගමැතිවරයා ලෙස මා විසින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන කාර්ය සඳහා ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කළහ.

"අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අපේ ජාතික වස්තුවක්. එතුමාට නිර්මල දළදා වහන්සේගේත්, ශ්‍රී මහා බෝධීන් වහන්සේගේත් ආශිර්වාදයෙන් නිරෝගී සුවය සහ චිරජීවනය ලැබේවා!"යැයි ප්‍රාර්ථනා කරන බව එහිමියන් කියා සිටියහ.

මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා, අධිකරණ අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්න, වැඩ බලන සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම්, අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහත්වරු සහ මහා භාරකාර දෙපාර්තමේන්තුවේ අධිපතිතුමන් ඇතුළු නිලධාරී පිරිසක් සහභාගී වූහ.