අග්‍රාමාත්‍ය මහින්ද රාපජක්‍ෂ මහතා ආසියානු සංවර්ධන බැංකුවේ අධීපතිවරුන්ගේ මුලසුනට තේරී පත්වෙයි. එම බැංකුවේ 54 වැනි වාර්ෂික මහා සභා රැස්වීම ඊයේ පැවැත්විණ.

එහිදී මහින්ද රාජපක්‍ෂ මහතා 2021 / 2022 වර්ෂය සදහා එහි අධීපතිවරුන්ගේ මුලසුනට පත්විය.

මෙම තනතුරට පත්වන විට අගමැතිතුමා මෙරට ආසියානු සංවර්ධන බැංකු අධිපති ධුරය හොබවමින් සිටියේය. ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන වාර්ෂික සභා රැස්වීම ලබන වසරේ කොළඹදී පැවැත්වීමට නියමිතය.