ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස රෙජිනෝල්ඩ් කුරේ මහතා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් පත් කරනු ලැබීය.
නව සභාපතිවරයාගේ පත්වීම් ලිපිය ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී අද (19) පෙරවරුවේ අමාත්‍යවරයා විසින් රෙජිනෝල්ඩ් කුරේ මහතා වෙත භාරදෙනු බාරදෙනු ලැබිණි.
වත්මන් රජය මෙරට ජනමාධ්‍ය ක්ෂේත්රයේ ප්‍රවර්ධනය උදෙසා වැඩපිළිවෙළ රැසක් ගෙන ඇති බවත් ඒ අනුව නවීන තාක්ෂණයෙන් යුත් නව ප්රවෘත්ති මැදිරි දෙකක් ඉදිරියේදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට හා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වෙත ලබාදීමට කටයුතු කෙරෙන බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක මහතා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ලෙස පත් වීමෙන් පසු ඇතිවූ පුරප්පාඩුවට මෙලෙස රෙජිනෝල්ඩ් කුරේ මහතා පත් කරනු ලැබිණි.
බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු, එහි සභාපති, නියෝජ්‍ය අමාත්‍යවරයකු,බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය, ජනමාධ්‍ය අමාත්‍ය ,අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය, සුළු අපනයන බෝග ප්‍රවර්ධන අමාත්‍ය, ගුවන් සේවා අමාත්‍ය, උතුරු පළාත් ආණ්ඩුකාර,මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ලෙසද මෙයට පෙර ඒ මහතා කටයුතු කර තිබිණි.
නව සභාපතිවරයාගේ පත්වීම සිදුකෙරුණු අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජගත් පී.විජේවීර මහතාද එක්ව සිටියේය