බුදුන් වහන්සේ දේශනා කළ උතුම් නිර්මල දහමේ ගැඹුරු ජීවන දර්ශනය අන් කවරදාටත් වඩා ලෝකයට මේ මොහොතේ අතිශය වැදගත් වේ.
සියලු සත්වයන් කෙරෙහි කරුණාව, දයාව ,ගෞරවය දක්වන අවිහිංසාවාදී ජීවන ප්‍රතිපත්තිය වත්මන් ව්‍යසනය හමුවේ බුදු දහමෙන් ලොවටම ලබාදිය හැකි මහඟු පණිවුඩයකි.
එදා විශාලා මහනුවර තුන් බියෙන් මුදවාලූ අසමසම සත්‍යානුභාවය උතුම් බුදු දහමෙහි ගැබ්ව පවතී.එනිසා හදවත හා නිවස පන්සලක් කරගනිමින් ආමිස හා ප්‍රතිපත්ති පූජා ඔස්සේ මෙවර වෙසක් දිනය සැමරීමට ජාතියක් ලෙස අප සැවොම කැපවිය යුතුව ඇත.
සොබාදහමේ අසිරිය ලොවට විදහා දුන් බුදු හිමියන්ගේ මූලික ඉගැන්වීම් වූයේ ශික්ෂාකාමී ,විනය ගරුක සමාජයක් ලොවට නිර්මාණය කිරීමය. කාල විපත්තියකට මුහුණ දී තිබෙන අධ්‍යතන සමාජයේ එය කොතරම් ප්‍රායෝගික වේදැයි මනාව තහවුරු කරගත යුතුව තිබේ.
මානව ශිෂ්ටාචාරයේ පුළුල් පරාසයක් ආලෝකමත් කළ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙකු,විශිෂ්ට මානවවාදී ශාස්තෘවරයකුගේ උත්තුංග දැක්ම පිළිබඳව බුදුදහම තුළින් සමස්ත ලෝකයටම මහා පණිවුඩයක් ලබාදී ඇත. එම උතුම් දහම ලොවට පසක් කළ සම්බුදු හිමියන්ගේ උතුම් තෙමඟුල සිහිකිරීම වෙසක් මංගල්යයනම් වේ.
මානව සංහතිය බරපතළ ව්‍යසනයකට මුහුණපා ඇති මොහොතක සැමරෙන මෙම වෙසක් මංගල්‍යය ලක්වැසි හා ලෝවැසි ජනතාවගේ නිදුක් ,නිරෝගී දිවියට මෙන්ම ආධ්‍යාත්මක සැපතට හේතු වේවා !
සැමට උතුම් සම්මා සම්බුදු සරණයි !
කෙහෙලිය රඹුක්වැල්ල
ජනමාධ්‍ය අමාත්‍ය,
කැබිනට් ප්‍රකාශක
2021 වෙසක් මස 26 දින