කොවිඩ් 19 වසංගතයට එරෙහි එන්නත් ලබාදීමේ වැඩපිළිවෙලට අනුව දිවයින පුරා විසිරී සිටින ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට එන්නත් ලබාදීමේ කටයුතු දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල අද (28) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති ‘අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම පිළිබඳ’ මාධ්‍ය හමුවේදී පවසා සිටියේය.
කොවිඩ් මර්දන එන්නත ප්‍රාදේශීය මාධ්‍ය වේදීන්ට ලබාදෙන්නේ කෙදිනදැයි යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු කළ විමසීමකදී ඔහු පැවසුවේ,
‘’ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට පළාත් වලදී එම එන්නත ලබාදීමට කටයුතු කරමින් යනවා. විශේෂයෙන්ම මාතර, ගාල්ල, කුරුණෑගල දී. ගරු ජොන්ස්ටන් අමාත්‍යතුමා කුරුණෑගලදී යම් කොටසකට එන්නත ලබාදීලා තියෙනවා. මහනුවරදී ඒ ආකාරයටම ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා.’’ යන්නයි.