ජූනි මාසයට අදාළ ගෙවීම්, ඖෂධ බෙදා හැරීම ඇතුළු සීමිත රාජකාරි හෙට (3) දින සිට දිවයින පුරා පිහිටි තැපැල් හා උප තැපැල් කාර්යාල විවෘත කිරීමට සැලසුම් කර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි. මහජන ගෙවීම් ලබාගැනීමට පැමිණෙන ගෙවීම්ලාභීන් අදාළ ගෙවීම් කාඩ්පත හෝ වැඩිහිටි හැඳුනුම්පත ආරක්ෂක අංශ වෙත ඉදිරිපත් කර අදාළතැපැල් / උප තැපැල් කාර්යාල වෙත පැමිණීමට හැකිබව ඔහු මෙහිදී වැඩිදුරටත් දන්වා සිටියි.

එමෙන්ම, සෞඛ්‍ය සේවා අමාත්‍යංශයේ හා ජනාධිපති කාර්ය සාධක බලකායේ ඉල්ලීම පරිදි නිවෙස් වල සිටින රෝගීන්ට රජයේ රෝහල් වල සායන වෙතින් නිකුත් කරන ඖෂධ බෙදාහැරීම කොවිඩ් 19 පළමු රැල්ලේදී මෙන් තැපැල් දෙපාර්තමේන්තු කාර්යමණ්ඩලය මගින් හෙට දිනයේදී සිට සිදුකිරීමට සැලසුම් කර ඇත.


මේ සම්බන්ධව යම් ගැටළුකාරී තත්ත්වයක් වෙතොන් 1950 කෙටි දුරකථන අංකයට අමතා වැඩි විස්තර ලබාගත හැක.