ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කර සිටින්නේ, "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව පරිසරය සංරක්ෂණය කිරීම, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, ජාතික වන ආවරණය වැඩි කිරීම, විද්‍යාත්මක අපද්‍රව්‍ය කළමනාකරණය සහ පරිසර හිතකාමී මානව ජනාවාසකරණය ආදිය සහතික කිරීම සඳහා තමන් ඇපකැපවන බවයි.
අදට (5) යෙදී තිබෙන ලෝක පරිසර දිනය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව පෙන්වා දෙයි. ‘‘පරිසරයෙන් තොර පැවතීමක් මානව සංහතියට නොමැත. එම සදාතනික සහසම්බන්ධතාවය සුරැකීම අප සැමගේ යුතුකමක් සහ ඉදිරි පරපුර සඳහා වන වගකීම වේ.
''අද දිනට යෙදී ඇති ලෝක පරිසර දිනයේදී "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව පරිසරය සංරක්ෂණය කිරීම, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, ජාතික වන ආවරණය වැඩි කිරීම, විද්‍යාත්මක අපද්‍රව්‍ය කළමනාකරණය සහ පරිසර හිතකාමී මානව ජනාවාසකරණය ආදිය සහතික කිරීම සඳහා කැපවෙමි.