සෞභාග්‍යයේ දැක්ම යතාර්ථයක් බවට පත්කරමින් ජනමාධ්‍යවේදීන් සඳහා කිසිඳු අයකිරීමකින් තොරව ලබාදෙන ‘‘ඇසිදිසි හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය‘‘ ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් මේ වනවිට ආරම්භ කර ඇත.
ඒ අනුව, ‘‘ඇසිදිසි හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය 2021-2022‘‘ සඳහා අයදුම්පත් කැඳවීම 2021 ජූනි මස 10 වන දින සිට ආරම්භ කර ඇති අතර අයදුම්පත් යොමුකළ හැකි අවසන් දිනය 2021 ජූනි මස 30 වන දින වේ. අදාළ අයදුම්පත සහ වැඩි විස්තර ජනමාධ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියෙන් (www.media.gov.lk) බාගත කරගත හැකිය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වලංගු මාධ්‍යවේදී හැඳුනුම්පතක් හිමි වයස අවුරුදු 19 ත්, 65 ත් අතර, මාධ්‍ය ආයතනයකින් රක්ෂණාවරණයක් නොලබන, සක්‍රීයව මාධ්‍ය ක්ෂේත්රයේ නියුතු ජනමාධ්‍යවේදීන්ගෙන් මෙම රක්ෂණාවරණය සඳහා අයදුම්කළ හැක.
නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය 2021 ජූනි මස 30 දිනට පෙර අතිරේක ලේකම් (සංවර්ධන හා සැලසුම්), අංක 163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05 ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු අතර, ලියුම් කවරයේ වම් පස ඉහළ කෙළවරේ ‘‘ඇසිදිසි හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණය‘‘ යනුවෙන් සඳහන් කළ යුතුය. සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රයෙහි ඡායා පිටපතක් (Scanned Copy) යන විද්‍යුත් ලිපිනයට ද යොමු කළ හැකිය.