බුදුදහම පෙරදිග බිහිවූ විශිෂ්ටතම ආධ්‍යාත්මික දර්ශනය බැවින් එම උතුම් දහම මෙරටට වැඩමවීම ලාංකීය ඉතිහාසයේ සුවිශේෂතම සන්ධිස්ථානය යැයි අදට යෙදී තිබෙන පොසොන් පොහොය දිනය නිමිත්තෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරන ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
නිර්මල ථෙරවාදී බුදු දහමෙන් සුපෝෂණය වූ එම උතුම් දහම අන් කවරදාටත් වඩා වර්තමානයේ ලොවටම අවැසි වී ඇතැයිද ඒ මහතා පෙන්වා දෙයි.


මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනය ආගමික සංස්කෘතික, සමාජීය, දේශපාලනික, ආර්ථික ආදී මෙරට සෑම ක්ෂේත්‍රයකම ඇරඹුම බවත් ඒ ඔස්සේ ගොඩනැගුණු විශිෂ්ට ශිෂ්ටාචාරය ලොවට ආදර්ශමත් වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.