"සරුසාර" සිපිරිගෙයින් ගොවිබිමට ජාතික වැඩසටහන මඩකලපුව එළිමහන් බන්ධනාගාර කඳවුර තුළදී පසුගියදා ආරම්භ විය. කාබනික පොහොර නිෂ්පාදනය හා කාබනික එලවළු නිෂ්පාදනය බන්ධනාගාර රැඳවියන් යොදාගෙන මෙම වැඩපිළිවෙළ යටතේ සිදු කෙරෙයි.
බන්ධනාගාර රැඳවියන් සදහා ආහාර නිෂ්පාදනය හා රටේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන් කාබනික පොහොර නිෂ්පාදනය දක්වා දිවයින පුරා බන්ධනාගාර කඳවුරු තුළ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. 
රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මැතිතුමා ගේ උපදෙස් මත බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙම ජාතික ක්‍රියාන්විතය ක්‍රියාවට නංවයි. මඩකලපුව බන්ධනාගාර කඳවුරු භුමිය තුළ අක්කර 10ක කාබනික ⁣ වගාවන් මේ වන විටත් ආරම්භ වී අවසන්ය.