සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් බවට පත් කරගනිමින් ජනමාධ්‍ය කේෂත්‍රයේ නියුතු ජනමාධ්‍යවේදීන් සඳහා යෝජිත “ඇසිදිසි” හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණ ක්‍රමය 2021 - 2022

අයදුම්පත් භාරගැනිමේ අවසන් දිනය 2021.06.30 සිට 2021.07.20 දක්වා දීර්ඝ කිරීම

(එක් වර්ෂයකට පමණක් ලබාදෙන මෙම රක්ෂණාවරණය සඳහා ප්‍රතිලාභින්ගෙන් කිසිඳු මුදලක් අය නොකෙරේ)

මෙම “ඇසිදිසි” හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණ ක්‍රමය සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වලංගු හැඳුනුම්පතක් හිමි වයස අවුරුදු 19- 65 අතර මාධ්‍ය ආයතනයකින් රක්ෂණාවරණයක් නොලබන සක්‍රීයව මාධ්‍ය ක්ෂේත්‍රයේ නියුතු ජනමාධ්‍යවේදීන්ගෙන් අයදුම්පත් කැඳවා ඇත.

මෙම රක්ෂණාවරණයේ ප්‍රතිලාභ රැසකින් සමන්විත අතර සුවිශේෂී ප්‍රතිලාභ කිහිපයක් පහත පරිදි වේ.

  • නේවාසික ප්‍රතිකාර ආවරණය
  • බාහිර ප්‍රතිකාර ආවරණය
  • අසාධ්‍ය රෝග ආවරණය
  • ශ්‍රවනාධාර හා ඇස්කණ්ණාඩි ආවරණය
  • පුද්ගල හදිසි අනතුරු රක්ෂණාවරණය ( දවසේ පැය 24 සඳහාම ලොව පුරා ආවරණය)
  • කොවිඩ් 19 සඳහා ආවරණය

අයදුම්පත ජනමාධ්‍ය අමාත්‍යාංශයේ www.media .gov.lk වෙබ් අඩවියෙන් බාගත කර ගත හැකි ය.

නිසිපරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත්‍රය යොමු කළ යුතු අවසන් දිනය 2021.06.30 දින සිට 2021.07.20 දින දක්වා දීර්ඝ කර ඇත.

ඒ අනුව 2021.07.20 දිනට පෙර පහත සඳහන් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් අයදුම්පත් යොමු කළ යුතු අතර එම ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ “ඇසිදිසි” හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණ යනුවෙන් සඳහන් කළ යුතු ය. එම අයදුම්පත්‍රයෙහි ඡායා පිටපතක් (Scan Copy) . යන විද්‍යුත්
ලිපිනයට ද යොමු කළ හැකි ය.

වැඩිදුර තොරතුරු සඳහා - 0112513737 (සංවර්ධන අංශය) හා 0717427865 (කෝසල)

අයදුම්පත් එවිය යුතු ලිපිනය
අතිරේක ලේකම් (සංවර්ධන හා සැලසුම්)
අංක 163, ඇසිදිසි මැදුර, කිරුළපන මාවත,
පොල්හේන්ගොඩ , කොළඹ 05

ලේකම්
ජනමාධ්‍ය අමාත්‍යාංශය
අංක 163, ඇසිදිසි මැදුර, කිරුළපන මාවත,
පොල්හේන්ගොඩ ,කොළඹ 05.
2021.06.25