වාරි සෞභාග්‍යා ජාතික වැඩසටහනේ පළමු අදියර යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 200 ක් ප්‍රතිසංස්කරණය කෙරේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පළාත් වාරිමාර්ග හා ගොවිජනසේවා ආයතනවල ඒකාබද්ධතාවයෙන් එම කටයුතු සිදුකෙරෙන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර් එම් වන්නිනායක මහතා පවසයි.
ගම සමග පිළිසඳර වැඩටසටහනේදී ඉදිරිපත්වු කරුණු සැලකිල්ලට ගෙන කැබිතිගොල්ලෑවේ වැව් කිහිපයක් ද මේ යටතේ සංවර්ධනය කිරීමට නියමිතයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ප්‍රතිසංස්කරණය කෙරෙන වැව් 114 ක් සඳහා රුපියල් මිලියන 82 ක් වෙන්කර ඇත පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැව් 58 ක් ද ගොවිජන සේවා දෙපාර්තමේන්තුව වැව් 31 ක් ද සංවර්ධනය කරනු ලැබේ. යුධ හමුදාව ද එම කටයුතු සඳහා එක්වෙයි