නාගරික සංවර්ධන අධිකාරිය විසින් දිවයින පුරා ග්‍රාමීය නගර රැසක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි වලස්මුල්ල ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් පසුගිය දා ආරම්භ කෙරුණු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් ඇරඹි මෙම වැඩ පිළිවෙලේ ආරම්භක අවස්ථාව සඳහා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යාවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, ගුවන් සේවා හා අපනයන කළාප රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ, වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති පියසේන ලියනාරච්චි, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරිහූ පිරිසක් ද සහභාගී වී සිටියහ.
නාගරික සංවර්ධන අධිකාරිය සහ වීරකැටිය ප්‍රාදේශීය සභාව එක්ව ඉදිකිරීම් කටයුතු මෙහෙයවන මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සැපයීම මහා භාණ්ඩාගාරය විසින් නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයට ලබාදුන් ප්‍රතිපාදනවලින් සිදුකරයි. ඒ යටතේ වලස්මුල්ල ප්‍රදේශයට වාණිජ ගොඩනැගිල්ලක් සහ මහජන පොලක් ලබාදීම සිදුකෙරේ.
මේ යටතේ පළවැනි අදියරේ වැඩ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන අතර වලස්මුල්ල වාණිජ ගොඩනැගිල්ල මහල් තුනකින් සමන්විතවෙයි. යටි බිම් මහල, බිම් මහල සහ පළමු මහල ලෙසින් නම් කර ඇති මෙම ව්‍යාපෘතිය දින 150 කින් නිම කිරීමට සැලසුම් සකස් කර තිබේ. ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 62 ක් වැයකිරීමට නියමිතයි.
ගොඩනැගිල්ලේ සැලසුමට අනුව, යටි බිම් මහල කඩකාමර 13 කින් සමන්විත වෙයි. බිම් මහලේ කඩ කාමර ගණන 25 කි. පළමු මහල සමන්විත වනුයේ ශ්‍රවණාගාරයකින් සහ වාණිජ අරමුණු සඳහා වෙන්කළ ප්රදේශයකිනි. ඉදිකෙරන මෙම වාණිජ ගොඩනැගිල්ල සනීපාරක්ෂක පහසුකම් ඇතුළත්ව සියලු පහසුකම්වලින් සමන්විතවෙයි.
2021 ජූලි මස 04 වැනිදා වැඩ ඇරඹූ මෙම ව්‍යාපෘතිය, 2021 නොවැම්බර් මස 09 වන දින අවසන් කිරීමට අපේක්ෂිතයි. නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය වාස්තු විද්‍යා නිර්මාණ උපදේශකත්වය දරයි. මෙම ව්‍යාපෘතියට සමගාමීව ඉදිකෙරුණු වලස්මුල්ල මහජන පොල 2013 න් ඉදිකිරීම් ඇරඹී, පසුව ඇතිවූ දේශපාලන වෙනස්වීමත අතරමග නැවතුනු ව්‍යාපෘතියකි.
2014 වසර අවසන් වනවිට එහි වැඩ 60% කින් අවසන්ව තිබූ නමුත්, ගෙවුණු පසුගිය වසර 05 තුළ ඉදිකිරීම් කටයුතු සිදුකෙරී තිබුණේ 5% ක් තරමේ අඩු ප්‍රතිශතයකිනි. වර්ග අඩි 35,910 ක පොලක් වන මෙහි භූමිය වීරකැටිය ප්‍රාදේශීය සභාව විසින් ලබාදී තිබේ. සෑම අතකින්ම අංග සම්පූර්ණ පොලක් වන මෙම මහජන පොලට වලස්මුල්ල, පල්ලේකන්ද ඇතුලු නගර හා ගම්මානවල ගණුදෙනුකරුවන් 3,000 ක් ඉක්මවා පැමිණෙන බව ගණන් බලා තිබේ.
සම්ප්‍රදායි පොලක පවතින අංග ලක්ෂණ එලෙස ම රදවා තබාගනිමින්, සුවපහසු හිතකර සහ ක්‍රමවත්ව සකසා ඇති වලස්මුල්ල පොල තුළ වෙළෙදුන් 1,060 දෙනෙකුට වෙළදාම් කිරීමේ ඉඩකඩ හිමිවෙයි. පොල ඉදිකිරීමට වැයකර ඇති මුදල රුපියල් මිලියන 35 කි. මහා භාණ්ඩාගාරය නාගරික සංවර්ධන අධිකාරියට ලබාදුන් මුදලින් මෙම පොළෙහි ඉදිකිරීම් කටයුතු සිදුකෙරේ.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන අධිකාරිය මඟින් වලස්මුල්ල මහජන පොල ඉදිකිරීමේ කටයුතු අධීක්ෂණය කරනු ලබයි.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් මෙම ඉදිකිරීමේ කටයුතු නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධ
න අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් මෙම ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි.