ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනයට අනුව ආරම්භ කර ඇති සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩපිළිවෙල මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක වේ. සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මුල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය යටතේ ඇති සෞභාග්‍යා සංවර්ධන කාර්යාංශය මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි. මේ වසරේ ආරම්භ කෙරුණු එම කාර්යාංශයේ කාර්යභාරය වන්නේ දිවයිනපුරා නිෂ්පාදන ගම්මාන ආරම්භ කිරීමයි.
එක් ගම්මානයකින් ගෘහ ආශ්රිත නිෂ්පාදන සිදුකරන නිෂ්පාදකයන් 20 දෙනෙකු බිහිකිරීම ඉලක්කයයි. ඒ අනුව ගෘහ ආශ්රිත නිෂ්පාදකයන් පනස් දහසක් බිහිකිරීමට සැලසුම් කර ඇති අතර එමගින් පවුලකට රුපියල් තිස් දහස ඉක්මවන මාසික ආදායමක් උපයා ගැනීමට මඟ හෙළිකර ගැනීමට අරමුණ කර ඇති බව සෞභාග්‍යා සංවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ ජනරල් වසන්ත ගුණරත්න මහතා පවසයි.