ඩරාස් ශ්රී ලංකා ආයතනය ඉටුකම කොවිඩ් සමාජ ආරක්ෂණ අරමුදල සඳහා රුපියල් මිලියන 02ක මුදලක් පරිත්යග කළේ ය. ඒ, අද (19) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී ය.
එසේ ම කොවිඩ් රෝගීන්ට ප්රතිකාර කිරීමට සෞඛ්ය කාර්ය මණ්ඩල සඳහා අවශ්ය පී.පී.ඊ (PPE) කට්ටල තොගයක් ද ඩරාස් ශ්රී ලංකා ආයතනය පරිත්යාගය කළේ ය.
කොවිඩ්-19 හමුවේ රටේ සෞඛ්ය හා සමාජ ආරක්ෂණ කටයුතු සඳහා ඉදිරියටත් රජයට අවශ්ය සහය ලබා දීමට සූදානම් බව ඩරාස් ශ්රී ලංකා ආයතනය අවධාරණය කරයි.
මෙම අවස්ථාවට තරුණ හා ක්රීඩා අමාත්ය, ඩිජිටල් තාක්ෂණ හා ව්යවසාය සංවර්ධන රාජ්ය අමාත්ය නාමල් රාජපක්ෂ, පළාත් සභා හා පළාත් පාලන රාජ්ය අමාත්ය රොෂාන් රණසිංහ, ඩරාස් ශ්රී ලංකා ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ රකිල් ප්රනාන්දු, ප්රධාන මෙහෙයුම් කළමනාකරු දර්ශික අත්තනායක, ප්රධාන පරිපාලන නිලධාරී මලිත් රණදේව යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.