පළාත් මට්ටමින් ළමා මහේස්ත්‍රාත් අධිකරණ සහ ළමා මහාධිකරණ පිහිටුවේ. දැනට රට තුළ ක්‍රියාත්මක වන්නේ එවැනි අධිකරණ දෙකක් පමණි. ළමා නඩු විසඳීමේදී එය ප්‍රමාණවත් නොවේ. එමෙන්ම, නඩු අවස්ථාවලදී දරුවන්ට වැඩිහිටියන් සමග ගැටීමට ද සිදුවේ. ළමා නඩු කල්යාමේ ප්‍රවණතාවක් ද පවතී. එම තත්ත්වය සලකා සියලු පළාත් ආවරණය වන පරිදි එවැනි අධිකරණ 18 ක් පිහිටුවීමට යෝජනා කළ බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ නියෝජ්‍ය සභාපති සුජාතා අලහපෙරුම මහත්මිය පැවසුවාය. මෙරට යල්පැන ගිය ළමුන් සම්බන්ධ නීති සංශෝධනයට ද ක්‍රියාකර තිබේ. ඒ සඳහා කමිටු 5 ක් ද පත්කර ඇත,