සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක් හවුස්) කතරගම නිවාඩු නිකේතනය නවීන පහසුකම්වලින් සමන්විතව නවීකරණය කර ඒ සඳහා නව වෙබ් අඩවියක් ඊයේ (21) දින එළිදක්වනු ලැබීය. ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතින් මෙම එළිදැක්වීම සිදුවූ අතර එය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
කාමර 30 කින් සමන්විත මෙම නිවාඩු නිකේතනයෙහි අති සුඛෝපභෝගී කාමර 12 ක්ද ඇතුළත්ය.


http://www.lakehouserest.lk/ යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම නිවාඩු නිකේතනය පිළිබඳ තොරතුරු ලබාගත හැක.


සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමණකාර අධ්‍යක්ෂ ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න, නීති හා පරිපාලන අධ්‍යක්ෂ නීතිඥ රඛිත අබේගුණවර්ධන, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම්, මුල්‍ය අධ්‍යක්ෂ නීතිඥ ජනක රණතුංග, මෙහෙයුම් අධ්‍යක්ෂ නීතිඥ කණිෂ්ක විතාරණ යන මහත්වරුන් ඇතුළු එහි ඉහළ කළමනාකාරීත්වයේ පිරිසක් මේ සදහා එක්ව සිටියහ.