සිරස, ශක්ති මාධ්‍ය ජාලය හිමි කැපිටල් මහරාජා සමූහයේ සභාපති ආර්. රාජමහේන්ද්‍රන් මහතා කොළඹ, පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (25) අළුයම අභාවප්‍රාප්ත වී තිබේ

අභාවප්‍රාප්ත වනවිට රාජමහේන්ද්‍රන් මහතා 79 වැනි වියේ පසුවිය. කොවිඩ් නිරෝධායන රෙගුලාසිවලට අනුකූලව ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල සුසාන භූමියේදී සිදුකෙරුණි. ආර්. රාජමහේන්ද්‍රන් මහතා මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර රැසක හිමිකරුවෙකි. ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ප්‍රමුඛ මෙහෙවරක් ආර්.රාජමහේන්ද්‍රන් මහතා විසින් ඉටුකොට තිබේ.