සිංහරාජයට මායිම් ව පිහිටා ඇති ලංකාගම, අතිසුන්දර ගම් පියසක් වුවත් එහි ගැමියන්ට ගෙවීමට සිදු වූයේ අතිදුෂ්කර දිවිපෙවෙතකි. ඊට ප්‍රධානතම හේතුව වූයේ ඔවුන්ට නගරයට යාමට පැහැදිලි මාර්ගයක් නො තිබීමයි.
තමන්ගේ බෝග හා අස්වනු අලෙවි කර ගැනීම සඳහා නගරයට යාමේදීත්, දරුවන්ට පාසල් යාමේදීත්, රෝගියෙකු රෝහලකට ගෙන යාමේදීත් තමන්ට මාර්ගයක් නොමැතිකමින් ගැමියන්ට අනේකවිධ දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදු විය.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනයට අනුව ග්‍රාමීය මාර්ග සංවර්ධනය යටතේ ජනාධිපතිතුමාගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුධ හමුදාවේ දායකත්වයෙන් ඇරඹුණු කි.මි. 18ක දුරින් යුතු නෙළුව - ලංකාගම - පිටදෙණිය මාර්ගය විවිධ බාධා කිරීම් මධ්‍යයේ වුව ද දින 90ක් වැනි කෙටි කලකින් සාදා නිමකිරීමට ලැබීම අපට මහත් සතුටකි.
ඒ තුළින් ඔවුන්ගේ ජනජීවිතය දියුණු වනු ඇති බව මාගේ විශ්වාසයයි.