ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස්
කොවිඩ් 19 වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවශ්‍යතාව අනුව තුන්වැනි එන්නත් මාත්‍රාවක් ලබාදීමට සුදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දී තිබේ. ඒ අනුව අදාළ බලධාරීන් මේ වනවිට ඒ සඳහා සුදානම් වන බව ජනමාධ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා දිනමිණට ඊයේ (01) පැවැසීය.
දැනට වාර්තා වන සංඛ්‍යාලේඛන අනුව මේ වයිරස ආසාදනයෙන් මිය යන වැඩි පිරිස එන්නත් ලබා නොගත් අය-වන බවත් පැවැසු ඒ මහතා, මෙතෙක් එන්නත් නොගත් අය වහාම තමන්ට අයිත් එන්නත ලබා ගැනීමට කටයුතු කළ යුතු බව ද කීවේය.
මේ වන විට එන්නත් නොගත් අය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ උපදෙසින් සංගණනයක් සිදු කෙරෙන බවත් එන්නත් ලබාගෙන ඇති ජනතාව හඳුනා ගැනීමේ පහසුව සඳහා ඉදිරියේ දී විශේෂ හැදුනුම්පතක් ඔවුන් වෙනුවෙන් නිකුත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන බවත් රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.
කොවිඩ් මර්දනයට ලොව පිළිගත් ක්‍රමවේදය එන්නත්කරණය බැවින් මෙරට සියලු දෙනා එන්නත්කරණයට ලක් කිරීම බවද හෙතෙම පැවසිය.