රටෙහි අනාගතය දරුවන් බැවින් එම දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාවලිය උදෙසා මේ මොහොතේ උපරිම දායකත්වය ලබාදීමට මෙරට රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීන් සිය එකඟතාව පළකර සිටී.
ගෝලීය ව්‍යසනය මධ්‍යයේ දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට විවිධ අධ්‍යාපන වැඩසටහන් මේ මොහොතේද එක්කර ඇතැයි එම මාධ්‍ය ආයතන ප්‍රධානින් පෙන්වා දෙයි.
ජනමාධ්‍ය ඔස්සේ දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාවලියට ලබා දිය හැකි දායකත්වය සම්බන්ධයෙන් රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානින් සමඟ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ඊයේ (30) සවස පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවය පළවිණි.
මෙයට පෙර ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති ආයතන ප්‍රධානීන්ගේ සාකච්චාවකදී මේ සඳහා දායකත්වය ලබා දෙන ලෙස ජනමාධ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ නියෝජිතයන් ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් ඊයේ පැවැති සාකච්ඡාවට එක්ව සිටියහ.
ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්.පීරිස්, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
පවතින ගෝලීය ව්‍යසනය හමුවේ වාණිජ අරමුණ හා තරගකාරී වෙළෙඳපොළ මදකට අමතක කර දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාවලියට මේ මොහොතේ දායකත්වය ලබාදෙන සියලු මාධ්‍ය ආයතන සඳහා සිය ප්‍රසාදය පළ කරන බව අමාත්‍ය රඹුක්වැල්ල මහතා මෙහිදී කීය.
මෙවනි ව්‍යසන හමුවේ එය ජාතික වගකීමක් ලෙසින් සලකා මෙරට බොහෝ මාධ්‍ය සැමවිටම කටයුතු කර ඇතැයිද මෙය ද එවැනිම තත්ත්වයක් බැවින් ඉදිරියටත් එම සහයෝගය අපේක්ෂා කරන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
රූපවාහිනී සන්නිවේදනය යොදා ගනිමින් සිදුකෙරෙන ඉගැන්නුම් ක්‍රියාවලිය ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයට වඩා වඩාත් සාර්ථක බව අධ්‍යාපන බලධාරීන් මෙහිදී පෙන්වා දුන්නේය .
මාධ්‍ය ආයතන දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට දායකත්වය ලබාදීම රටේ සමස්ත ජනතාවගේම පැසසුමට ලක් වන්නක් බවත් එය ඒ ඒ ආයතනයන්හි වටිනාකමට වඩාත් ගෞරවනීයයත්වයක් එක්කරන බවත් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කීය.
මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා-
මේ වන විට මෙරට ගුරුවරුන් 82% ට එන්නත් ලබාදී අවසන්. අගෝස්තු තුන්වන හතරවන සතිය වන විට එහි දෙවන එන්නතත් ලබාදීමට හැකිවනු ඇත. ඒ අනුව සැප්තැම්බර් මුල් සතිය වන විට පාසල් යළි විවෘත කිරීමට බලාපොරොත්තු වේ.
රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අදහස් දක්වමින් -
මේ මොහොතේ පාසල් වසා තැබීම හේතුවෙන් එහි ඊළඟ විකල්පය වනුයේ විද්‍යුත් නාලිකා ඇතුළු මාධ්‍ය මඟින් මඟින් දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය සිදු කිරීමයි . ඒ සඳහා මේ වන විට පාඩම් 7183 පටිගත කර අවසන් කර තිබෙනවා. තවත් අවශ්‍යව ඇත්තේ 1500ක පමණ ප්රමාණයකි. එයද ඉදිරි කාලය තුළ අවසන් කිරීමට හැකි වනු ඇත
ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජගත් පී.විජේවීර , මහතා ඇතුළු ජනමාධ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශයන්හි නිලධාරින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ නියෝජිතයන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.