රජයේ චක්‍රලේඛයට අනුව රාජ්‍ය සේවකයන් අද සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළේය. ඒ අනුව ජනතා සේවා කටයුතු ඉදිරියේදී යථා තත්ත්වයට පත්වනු ඇත, සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සියලු ආයතන සේවා සපයනු ලැබේ.

චක්‍රලේඛය අනුව අධ්‍යාපන බලධාරින්, අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්, ගුරු උපදේශකයින්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, අනධ්‍යයන කාර්ය මණ්ඩලයද සේවයට පැමිණිය යුතුය, රටේ අධ්‍යාපනය භාරව සිටින නිලධාරීන්, ගුරුවරුන් පළමුව අධ්‍යාපන පනත් අධ්‍යයනය කළ යුතු යැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

රටේ ඕනෑම අයෙකුට උසස් අධ්‍යාපනය ලැබීමේ අයිතිය ඒවායින් තහවුරු කර තිබේ, දැනටත් උසස් අධ්‍යාපනය සදහා පෞද්ගලික විශ්ව විද්‍යාල 30 ක් පමණ රටේ තිබේ, නියාමකයක් සහිත ගුණාත්මක අධ්‍යාපනයක් ඒවායින් තහවුරු විය යුතුය,