ශ්රීී ලංකාවේ එන්නත්කරණ ඉලක්ක කලින්ම සපුරා තිබීම ප්‍රශංසනීය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් මහතා පවසයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරන හෙතෙම පවසන්නේ ශ්රීී ලංකාව සැප්තැම්බර් මාසය වනවිට එන්නත්කරණය සඳහා ඉලක්කගත වැඩපිළිවෙළක් හඳුන්වා දී තිබෙන අතර එම ඉලක්කය මේ වනවිට සැලකිය යුතු මට්ටමකින් සපුරාගෙන තිබීම ප්‍රශංසනීය බවයි. රට පුරා මධ්‍යස්ථාන පිහිටුවමින් ඉතා කාර්යක්ෂමව එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ. දිවා රාත්‍රී එන්නත්කරණ මධ්‍යස්ථාන විවෘත කිරීමද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්වරයා සිය ට්විටර් පණිවිඩය තුළින් අගය කර ඇත.