ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ නිරීක්ෂණ හා නිර්දේශ ලබාදෙන ලෙස බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය අදාල සියලු පාර්ශ්වවලට දැනුම් දෙයි. අදාල නිරීක්ෂණ හා නිර්දේශ ලබන මස 05 වැනි දිනට පෙර යන විද්‍යුත් ලිපිනයට එවිය යුතුය.
නිර්මල බුද්ධධර්මය සුරක්ෂිත කොට අනාගත පරපුරට දායාද කිරීම සදහා ත්‍රිපිටක සංරක්ෂණ පනතක් සුදුසු බවට ඉදිරිපත්වු ඉල්ලීම මත එය සකස්කර තිබේ. අදාල පනත් කෙටුම්පත ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් ඩොට් එම් බී එස් ඩොට් ජී ඕ වී ඩොට් එල් කේ යන වෙබ් අඩවියේ පළකර තිබේ. මීට අදාල විද්වත් කමිටු සාකච්ඡාවක් ලබන 05, 06 සහ 07 යන දිනවල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන බව එම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා සදහන් කරයි.
ලබන 06 වැනිදා පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා නිරීක්ෂණ හා නිර්දේශ එම ස්ථානයේ සිටින නිලධාරින්ට ලිඛිතව භාරදීමට අවස්ථාව සලසාදී ඇත.