රසායනික පොහොර ආනයනය තහනම් කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගත් තීරණයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කරයි. රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරිමේ කටයුතු සාර්ථකව සිදුවන බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා කියයි. තහනම් කර තිබු රසායනික පොහොර වර්ග කිහිපයක් ආනයනය සදහා අගෝස්තු මස 01 වැනිදා අවකාශය සලසමින් මුදල් අමාත්‍යවරයා විසින් විශේෂ ලිපියක් නිකුත් කර තිබිණ. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරිමක් කරන මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සදහන් කරන්නේ එලෙස අවසර ලබාදී ඇත්තේ කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය දියර නයිට්‍රජන් ඇතුලු රසායනික පොහොර වර්ග කිහිපයක් බවයි. ඒවා රජයේ බලපත්‍රයක් මත පමණක් ගෙන්විමට අවසර දි තිබෙ.් එහෙත් රේගු කටයුතු වලදි යොදා ගන්නා කේතය යටතට දියර නයිට්‍රජන් මෙන්ම වෙනත් රසායනික පොහොර වර්ගද ඇතුළත් වන බැවින් පොහොර තහනම ඉවත් කර ඇති බවට අසත්‍ය චෝදනා නැගෙමින් පවතින බව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා පෙන්වා දෙයි.