වී අලෙවි මණ්ඩලය හෝ මෝල් හිමියන් හැර වෙනත් ජාවාරම්කරුවන් ගොවින්ගෙන් වී මිලදී ගෙන සහල් මිල ඉහළ නැංවීමේ අරමුණින් ගබඩාකර තබාගත හොත් එම වී තොග රාජසන්තක කිරීමට අවශ්‍ය නීති සකස්කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුනවර්ධන මහතා පවසයි. පාරිභෝගිකයන්ගේ සහ ගොවීන්ගේ යහපත උදෙසා මෙම පියවර ගැනිමට නියමිතය. උපරිම සිල්ලර මිලට වැඩියෙන් සහල් අලෙවි කරන්නන් හට නියම කෙරෙන රුපියල් 2500 ක දඩ මුදල රුපියල් ලක්ෂය දක්වා වැඩිකරන බව කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා අවධාරණය කලේය. ජීවන වියදම පාලනය සඳහා රජයේ ක්‍රියාමාර්ග පැහැදිලි කිරිම වෙනුවෙන් මෙම මාධ්‍ය හමුව සංවිධාන කර තිබින. මෙම අවස්ථාවට එක්වු රාජ්‍ය අමාත්‍ය ඩී බි හේරත් මහතා සඳහන් කළේ තෙත වි කිලෝවක් අවම වශයෙන් රුපියල් 42 කටත් නාඩු සහ කැකුඑ වියලි වී කිලෝවක් රුපියල් 50 කටත් සම්බා විී කිලෝවක් රුපියල් 52 කටත් මිලදී ගැනිමට රජය සුදානම් බවයි.

ජාවාරම්කරුවන් විසින් වෙළෙඳපලේ සහල් මිල වැඩි කිරිමට පියවර ගනු ලැබුවහොත් ඊට මුහුණදිම සදහා රජය ආරක්ෂිත සහල් තොග තබා ගැනිමට පියවර ගනි. ඒ වෙනුවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරිමට තීරණය කර ඇති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඒ සදහා ජාත්‍යන්තර වශයෙන් තරගකාාරී මිල කැදවීමක් සිදු කර තිබෙ. තාක්ෂණික කමිටුව හා ප්‍රසම්පාදන කමිටුව මගින් තීරණය කර අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර එහි අනුමැතිය ලැබිමෙන් අනතුරුව සහල් ආනයනය කිරිමට නියමිත බව අමාත්‍යවරයා සදහන් කරයි.