රට හදන ''සෞභාග්‍යයේ දැක්ම'' බලගන්වමින් “වාරී සෞභාග්‍යා“ ජාතික වැඩසටහන යටතේ ග්‍රාමීය වැව්, අමුණු සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියඹලාගස්වැව ගම්මානයේ වැව ප්‍රතිසංස්කරණය කිරීම සූර්යබල,සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රීත වැව්, ජලාශ හා වාරී මාර්ග සංවර්ධන රාජ්‍යය අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රථිපාදන මගින් වාරී මාර්ග දෙපාර්තමේන්තුව මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි, රුපියල් මිලියන නවයක වියදමින් මෙම වැව ප්‍රතිසංස්කරණය කටයුතු කිරීමට නියමිත අතර, මාස 03කින් එහි වැඩ නිම කිරීමට නියමිතය.
මිහින්තලය ප්‍රාදේශීය සභා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී චින්තන රුක්මන් මහතාගේ ඉල්ලීමක් මත මෙම වැව ප්‍රථිසංස්කරණය කිරීම සිදු කෙරේ.
මීට පෙර අක්කර 70 ක් පමණ මෙම වැව යටතේ වගා කර ඇති අතර, වැව ප්‍රථිසංස්කරණය කිරීම මගින් තවත් අක්කර 30 ක් අලුතින් අස්වැද්දීමේ හැකියාව පවතින බව එහිදී ගොවි සංවිධාන නියෝජිතයින් අමාත්‍යයවරයාට පැවසීය.ඒ අනුව එම ගම්මානයේ ඉඩම් නොමැති පවුල් වෙත අස්වැද්දිය හැකි නව ඉඩම් බෙදා දෙන ලෙසද අමාත්‍යයවරයා ප්‍රාදේශීය ප්‍රාදේශීය ලේකම්වරයාට උපදෙස් ලබා දුන්හ.
වසර ගණනාවකින් පිළිසකර නොවුණ සියඹලාගස්වැව ගම්මානයේ වැව ප්‍රථිසංස්කරණය කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ගොවි සංවිධානය අමාත්‍යයවරයාට තුති පුද කළේ ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිහින්තලය ආසන සංවිධායක, හිටපු පළාත් සභා අමාත්‍යය සරත් ඉලංගසිංහ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් නායක, හිටපු පළාත් සභා මන්ත්‍රී ආර්.එම්.බී ඥානතිලක මහතා, අනුරාධපුර නැගෙනහිර ආසන සංවිධායක, හිටපු නියෝජ්‍ය නගරාධිපති ප්‍රේමසිරි හෙට්ටිආරච්චි මහතා, මිහින්තලය ප්‍රාදේශීය සභා මන්ත්‍රී චින්තන රුක්මන් මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින්, අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්යක්ෂ ඉන්ජිනේරු එස්.ඩී. මැදිවක මහතා ඇතුළු වාරී මාර්ග නිළධාරීන්, මිහින්තලය ප්‍රාදේශීය ලේකම් සිරිමෙවන් ධර්මසේන යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශවාසීන් මෙම අවස්ථාවට සහභාගී විය.