ප්රවාහන අපහසුතා ඇති ජනතාවට එන්නත්කරණ මධ්යස්ථාන වෙත යාම සඳහා ප්රවාහන පහසුකම් ලබා දීමට ශ්රී ලංකා රතු කුරුස සමාජය (SLRCS) සහ Uber ශ්රී ලංකා සමාගම එකඟ විය. මා විසින් සිදුකළ ඉල්ලීමක් අනුව එම ආයතන දෙක එක්ව එම ජනතාව වෙනුවෙන් නොමිලේ ගමන්වාර 50, 000ක් දීමට තීරණය කර තිබේ.
කොළඹ, ගම්පහ, කළුතර සහ මහනුවර දිස්ත්රික්කවල කොවිඩ් ප්රතිකාර රාජකාරීවල නිරත වෛද්යවරුන්, හෙද හෙදියන් සහ සෞඛ්ය කාර්ය මණ්ඩල සඳහා මේ වන විට ක්රියාත්මක නොමිලේ ප්රවාහන පහසුකම් සැපයීමේ වැඩසටහනේ ප්රගතිය දැනුම් දීමේ හමුව අරලියගහ මන්දිරයේ දී පැවැති අතරවාරයේ මෙම එකඟතාව පළවිය.
කොවිඩ් වසංගතයෙන් ජනතාව ආරක්ෂා කිරීම සඳහා දිවා රෑ නොබලා සේවා සපයන වෛද්යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්ය කාර්ය මණ්ඩලවල කාර්යභාරය අගය කළ මම ඔවුන්ගේ සේවයට කරන ගෞරවයක් ලෙස ශ්රී ලංකා රතු කුරුස සමාජය (SLRCS) සහ Uber ශ්රී ලංකා සමාගම නොමිලේ ප්රවාහන පහසුකම් සැලසීම ද අගය කළෙමි.
ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා එන්නත්කරණ ක්රියාවලිය ශක්තිමත් කළ යුතු බව බව ද එන්නත් ලබා ගැනීමේ මධ්යස්ථාන වෙත පැමිණීම සඳහා ප්රවාහන පහසුකම් නොමැතිව අපහසුතාවට පත්වන ජනතාව වෙනුවෙන් ද නොමිලේ ප්රවාහන සේවා සැපයීමේ වැදගත්කම ද මම එහි දී පෙන්වා දුන්නෙමි.
මෙම අවස්ථාවට ශ්රී ලංකා රතු කුරුස සමාජයේ සභාපති ජගත් අබේසිංහ, Uber ශ්රී ලංකා සමාගමේ මෙහෙයුම් කළමනාකරු එස්. ලියනගේ මහත්වරු ඇතුළු නියෝජිත පිරිසක් එක්ව සිටියහ