දුම්රියවල මගී තදබදය අවම කිරීම සඳහා අද (09) සිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
 
දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සඳහන් කරන පරිදි  දුම්රිය තෝරා ගැනීමේදී මගීන් හැකි සෑම අවස්ථාවකම එහි ඉඩකඩ පිළිබදව සැලකිලිමත් විය යුතු බවයි.
 
අද දිනයේ දුම්රිය ගමන් වාර 130 ක් ධාවනයට සැලසුම් කර ඇති බව ද සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ ය.
 
මේ අතර ලංගම සේවකයින් ද අද සිට සාමාන්‍ය පරිදි රාජකාරියට කැඳවා ඇතැයි එහි සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේ ය.