ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු
මේ වසරේදී ඉදිකිරීමට නියමිත ග්‍රාමීය පාලම් 1,000න් 700කට වැඩි ප්‍රමාණයක වැඩ ආරම්භ කර අවසන් බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා (6) මහාමාර්ග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති ග්‍රාමීය පාලම් 5,000ක් ඉදිකිරීමේ වැඩසටහනේ ප්‍රගතිය සොයා බැලීමේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.
මෙම ව්‍යාපෘතිය යටතේ මේ වසරේදී පාලම් 1000ක් ඉදිකිරීමට නියමිත අතර, මේ වන විටත් ග්‍රාමීය පාලම් 700කට අධික ප්‍රමාණයක වැඩ ආරම්භ කර තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ආර්ථික පුනර්ජනනීය හා දරිද්‍රතාව පිටුදැකීම සඳහා වන ජනාධිපති විශේෂ කාර්යසාධක බළකා ප්‍රධානී ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීමෙන් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම ගම් බිම් යා කරන හදවතේ පාලම් ව්‍යාපෘති වැඩසටහන රට පුරා ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකාවේ සෑම ආසනයක්ම ආවරණය කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බැවින් දැනට රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වූවද සංවර්ධන කටයුතු බාධාවකින් තොරව නොනවත්වාම ඉදිරියට කරගෙන යා යුතු බවත්, නියමිත දින වකවානුවලට ග්‍රාමීය පාලම් ඉදිකිරීමේ වැඩ සටහනේ ඉලක්ක ගත ප්‍රගතිය සපුරා ගත යුතු ආකාරය පිළිබඳ අමාත්‍යවරයා මෙහිදී, මහා මාර්ග අමාත්‍යාංශයේ, මාර්ග සංවර්ධන අධිකාරියේ සහ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
2021 වසර අවසාන වීමට ප්‍රථම ග්‍රාමීය පාලම් 1,000ක් ඉදිකිරීමෙන් ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය පහසු කර ඔවුන්ගේ ජීවනෝපායන් දියුණු කරවීමට හැකියාව ලැබෙන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව සේවකයන් කැඳවා පාලම් ව්‍යාපෘතිය අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.