කොවිඩ් වසංගතය හමුවේ පසුබෑමකට ලක්ව තිබෙන රාජ්‍ය ව්‍යාපාර සවිබල ගැන්වීමට අඩු පොලී අනුපාත මත කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක කළ “සෞභාග්‍ය කොවිඩ් 19 යළි නඟා සිටුවීමේ පහසුකම“ සහනදායී ණය යෝජනා ක්‍රමය වැනි ක්‍රමවේදයක් රාජ්‍ය ව්‍යාපාර සඳහා ද ක්‍රියාත්මක කළ යුතු බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලයට යෝජනා කර ඇත.
කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමේදී හා ජනජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යාමේදී සුවිශේෂී සේවාවක් ඉටුකරන රාජ්‍ය ව්‍යාපාරවල ව්‍යාපාර හා මෙහෙයුම් කටයුතු පසුබෑමට ලක්ව තිබීම නිසා රුපියල් කෝටි 1000ක මුදලකින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
පූර්ණ හෝ අර්ධ හෝ වශයෙන් රජයට අයත් ව්‍යාපාර 282ක් පමණ රට තුළ ක්‍රියාත්මක වන අතර මුදල් අමාත්‍යාංශය පනවනු ලබන කොන්දේසි මත මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරෙනු ඇත.