පුර්ණ එන්නත් ලබාගත් පුද්ගලයන්ට කොවිඩ් රෝගයෙන් එල්ලවන බලපෑම ඉතා අවම බව ඇමෙරිකානු වාර්තාවක් පෙන්වා දෙයි. එහිදී සියයට 99 ක්ම මියයාම හෝ බරපතෙළ තත්ත්වයට පත්වී රෝහල් ගතවීම අවමවී ඇතැයි සදහන් වෙයි.
අගෝස්තු 02 වැනිදා වනවිට ඇමෙරිකාවේ පුර්ණ එන්නත්කරණයවු සංඛ්‍යාව කෝටි 17 කට ආසන්නය. එන්නත්කරණයෙන් ඇතිවු ආරක්ෂාව ඉතා ඉහළ බව ඇමෙරිකානු රෝග පාලන හා මර්දන මධ්‍යස්ථානය නිවේදනයක් මගින් තහවුරු කළේය. මේ දිනවල එරට වැඩි බලපෑමක් එල්ලකර ඇත්තේ ඩෙල්ටා ව්‍යාප්තියයි.
ඒ අතරම මේ දක්වා මෙරට ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ කොවිඩ් එන්නත් මාත්‍රා එක්කෝටි 45 ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ලබාදී ඇත. ඊයේ පන්ලක්ෂයකට ආසන්න පිරිසකට එන්නත් ලබා දුන්නේය.