ශ්‍රී ලංකාවේ පළමු නේවාසික නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් එඩ්වඩ් ඇපල්ටන් මහතා පසුගියදා අරලියගහ මන්දිරයේ දී අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු විය. ශ්‍රී ලංකාවේ පළමු නේවාසික නවසීලන්ත මහ කොමසාරිස් ධූරයට පත් වීමට ලැබීම පිළිබඳව සිය සතුට ප්‍රකාශ කළ ඇපල්ටන් මහතා, දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධන සිය අභිලාෂය බව ද සැලකර සිටියේය.
ලොව විශාලතම කිරි නිෂ්පාදකයෙකු වන නවසීලන්තය, ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තයේ දියුණුව උදෙසා තාක්ෂණය සහ දැනුම හුවමාරු කර ගැනීමට කැමැත්තෙන් පසුවන බව මහ කොමසාරිස් ඇපල්ටන් මහතා මෙහි දී පැවසීය.
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සමඟ සිදු කළ සාකච්ඡාවක් පිළිබඳ සිහිපත් කළ මහ කොමසාරිස්වරයා, ක්‍රීඩාව ඔස්සේ දෙරට අතර සුහඳත්වය තහවුරු කළ හැකි බවට ද සිය විශ්වාසය පළ කළේය.
මිත්‍රශීලි රටක් ලෙස නවසීලන්ත රජය සමඟ ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය කැපවන බව පෙන්වා දුන් එතුමා ශ්‍රී ලංකාවේ පළමු නේවාසික නවසීලන්ත මහ කොමසාරිස් එඩ්වඩ් ඇපල්ටන් මහතාට සිය ධූරයේ කටයුතු සාර්ථක ලෙස ඉටු කිරීමට හැකි වේවා යැයි සුබ පැතුවේය.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල්. පීරිස්, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, ශ්‍රී ලංකාවේ නවසීලන්ත නියෝජ්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ ට්‍රැවලර්, හිටපු නවසීලන්ත කොන්සියුලර් සේනක ද සිල්වා මහත්වරු ඇතුළු පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.