ගැබිනි කාන්තාවන්ට කොවිඩ් එන්නත දීම සඳහා එන්නත් සතිය මෙමස 23 දා සිට 31 දා දක්වා ක්‍රියාත්මක වන බව කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා පැවසීය.
මෙරට ගැබිනි කාන්තාවන්ට තුන් ලක්ෂ තිස් දහසක් පමණ සිටින බවත් ඉන් ලක්ෂ දෙකකට වැඩි පිරිසක් තවමත් එන්නත ලබාගෙන නොමැති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සියලූ විධිවිධාන යොදා ඇති අතර ගැබිනි මවුවරුන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය මාසයේදී අනුමැතිය ලබා දුන්නේය.