ප්‍රමාද වූ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වෙයි. රජයන් කිහිපයක් යටතේ වසර 10 කටත් වඩා ප්‍රමාද වූ ව්‍යාපෘති රැසක් පවතී. 2030 වසර වන විට ජාතික විදුලිබල අවශ්‍යතාවෙන් සියයට 70 ක් පුනර්ජනනීය බලශක්ති මගින් සපුරාගැනීමට අරමුණු කෙරේ. එබැවින් විවිධ ගැටඑ හේතුවෙන් අතරමග වැඩ නතර වී ඇති ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගනිමින් පවතින බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. අනුරාධපුර තරියන්කුලම ප්‍රදේශයේ ඉදිකිරීම් ආරම්භ කර වැඩ අවසන් නොවූ සූර්ය බලාගාරයක් රාජ අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය. එමගින් නිපදවාගැනීමට අපේක්ෂිත විදුලිබල ප්‍රමාණය මෙගාවොට් 01 කි.