නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නිකුත් කර ඇති එම මාර්ගෝපදේශ ලබන 31 වැනිදා දක්වා බලපැවැත්වෙයි. එමගින් අන්තර් පළාත් ගමනාගමනය සිමා කිරිම හා අවසර ලත් පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය දක්වා තිබේ. ඒ අනුව නිවසකින් පිටතට යා හැක්කේ එක් පුද්ගලයෙකුට පමණි. රාජකාරි කටයුතු සහ සෞඛ්‍ය සේවා ලබාගැනිම සඳහා එය අදාළ නොවේ.
පොදු ප්‍රවාහන සේවා පළාත් සීමා තුළ මගින් ප්‍රවාහනයට සහ අත්‍යාවශ්‍ය සේවා වලට පමණක් සීමා කෙරේ. බස්වල සහ දුම්රියවල මගිීන් ගෙන යා හැක්කේ ආසන සංඛ්‍යාවට අනුව පමණකි. පෞද්ගලික හා කුලිරථවල මගී ප්‍රවාහනය ද ආසන ධාරිතාවට සීමාවේ. රජයේ හා පෞද්ගලික කාර්යාල. ආයතන ප්‍රධානියාගේ තිරණයට අනුව අවම සේවක සංඛ්‍යාවක් සමග පවත්වාගෙන යා හැකිය. පිටපලාත්වලින් සේවකයන් කැදවීමේදි ආයතන ප්‍රධානියාගේ අනුමැතිය අවශ්‍යවේ.
රැස්වීම් වැඩම්ල සම්මන්ත්රණ සහ සන්නාම දියත් කිරිම සදහා අවසර නැත. අපනයන අරමුණු කරගත් කර්මාන්ත සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ක්‍රියාත්මක කළ හැකිය. සුපිරි වෙළෙඳසැලක් තුළ එක් වරකට සිටිය හැක්කේ එහි සම්පුර්ණ ධාරිතාවයෙන් සියයට 25 කට පමණි.දිවා සුරැකුම් මධ්‍යස්ථාන සති දෙකකට වසා දැමෙ. පෙර පාසල් පාසල්, විශ්වවිද්‍යාල ඇතුලු උසස් අධ්‍යාපන ආයතන සහ උපකාරක පන්ති නැවත දැනුම,දෙනතුරු වසා ඇත.
මංගල උත්සව පැවැත්වීමට අවසර නැත. කායවර්ධන මධ්‍යස්ථාන හා ගෘහස්ථ ක්‍රිඩාගාර අද සිට වසා දමා ඇත. ළමා උද්‍යානි කානිවල් සංගීත සංදර්ශන,වෙරළ සැණකෙළි හා ඒකරාශීවීම්ද තහනම් කෙරේ. පිහිණුම් තටාක සහ සම්බාහන ස්ථාන අද සිට වසා දමා ඇති අතර හෝටල් සහ නිවාඩු නිකේතනවලට ඇතුළු කරගත හැක්කේ එහි ධාරිතාවයෙන් සියයට 25 ක් පමණි. මුල්‍යායතන” රෙදිපිළි සාප්පු සිල්ලර වෙළෙදසැල් විවෘත වෙළෙදපළ ආදිය සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පවත්වාගෙන යා හැකිය. සිල්ලර වෙළෙදසැලක සිටිය හැකි උපරිම ගනුදෙනුකරුවන් ගණන 10 කි. අමුත්තන්ට බන්ධනාගාරවලට පැමිණිය නොහැකිය. ස්පා ආයතන වසා දමා ඇති අතර අවන්හල් ආසන ධාරිතාවෙන් උපරිම සියයට පනහක් පිරෙන ආකාරයෙන් පවත්වාගෙන යා හැකිය. ඊට අමතරව පළාත් සීමා පසුකිරිම අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කර තිබෙ