මහවැලි කලාපවල මිරිදිය මත්ස්‍ය කර්මාන්තය තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන ඇත. මිරිදිය මත්ස්‍ය ඉල්ලුම ඉහළ යාමත් සමග මහවැලි අධිකාරිය යටතේ පවතින මොරගහකන්ද ජලාශයට අයත් කුඩා වැව් රැසකට මත්ස්‍ය පැටවුන් ලක්ෂ 2ක් මුදා හැරීම පසුගියදා රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.
එම වැව් යටතේ ධීවර කර්මාන්තයේ නිරතව සිටින ධීවර පවුල්වල ආර්ථිකය ඉහළ නැංවීම හා හිගයකින් තොරව මත්ස්‍ය අස්වැන්න නෙලා ගැනීමට අවස්ථාව සලසා දීම වැඩපිළිවෙලේ අරමුණ වී ඇත. මේ වන විට මෙම කලාපවල මිරිදිය මත්ස්‍ය කිලෝග්‍රෑම් 1 ක් රුපියල් 390 ක් වැනි මිලකට අලෙවි කෙරෙයි.