එළැඹෙන 31 දා දක්වා ක්‍රියාත්මක වන පරිදි නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පළාත් මායිම් සීමා හරහා ගමන් කළ හැකි අවසර ලත් ඒකක හතක් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ඊයේ (19) නිවේදනය කර තිබේ.
ඒ අනුව සෞඛ්‍ය සේවා, පොලිසිය හා ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය අංශයේ නිලධාරීන්, අත්‍යවශ්‍ය නිල චාරිකා සඳහා, අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහරින්නන්, උපයෝගිතා සේවා වැනි අත්‍යවශ්‍ය සේවා සපයන්නන්, සමීපතම පවුලේ සාමාජිකයකුගේ මරණයක් සඳහා ගමන් කරන්නන් (සාක්ෂි අවශ්‍යයි) වරායන් වෙත භාණ්ඩ ප්‍රවාහනය සහ ගුවන් තොට වෙත ගමන් කරන්නන් (සාක්ෂි අවශ්‍යයි) යන ඒකකවලට අයත් පුද්ගලයන්ට පමණක් ගමන් කිරීමට අවසර හිමිව ඇත.
මීට අමතරව හුදෙකලා කරන ලද ප්‍රදේශවල වෙසෙන අත්‍යවශ්‍ය සේවා සේවකයන් සුවිශේෂි අවස්ථාවලදී හැර භෞතිකව සේවයට වාර්තා කිරීම දැඩි ලෙස අධෛර්යවත් කරන ලෙසත් එම නිවේදනයේ සඳහන් කර තිබේ.